Tuesday, February 9, 2016

Yellowish "black fungi"


Have you seen black fungi? I guess yes.
I have enough experiences of black fungi during my school time. 
Being a teacher, my mother didn't have much time to prepare our breakfast during week days. Therefore she often used to make us sandwiches for the interval meal, putting some paste inside. 

As a habbit I didn't eat the edges of the sandwich , mainly because I was lazy to munch it harder than the soft part. (Still I don't like the idea of eating the bread edges.) 
So, I used to bring the remnents of those home, in the luch box . 

I was an absend minded forgetful kid back then. Therefore ,on daily basis (obviously) , I forgot to empty the lunch box,  if my mother didn't ask for it.   
And the worst part was, some times I forgot the lunch box at school desk drawer. 
If that happened on Friday, the poor lunch box had to be in side the desk drawer for the whole weekend till somebody finds it on Monday. 
In the mean time, fungi spores that were floating in the class room would have fund a nice moist dark place to grow. 

So I think you can understand how I have got enough experience about black fungi. 

Therefore as a tribute to those "big black fungi days", I desided to post these photos. ;-)

These are some closeups of black fungi. To grow these,  I had to keep a bread in a closed container for a whole week. 
Although we call them " black fungi, they are not so black......"




























හැමෝම දැකලා ඇති පාන් වල හැදෙන කලු පුස්. නැති වෙන්න බෑ. ඒවා 
ඒ තරම් සුලභයි.
ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම මට කලු පුස් සම්බන්ධ සමීප අත් දැකීම් තියනවා.
අපේ අම්ම ගුරුවරියක් වුණ නිසාම, උදේ ආහාරයට එක එක දේ පිළියෙළ කරන්න වෙලාවක් තිබුණෙ නෑ ඇතැම් දවස් වලට. ඒ වගේ දවස් වලට අම්මා කළේ කඩෙන් පාන් ගෙනත්, ඒ මැද්දට මොනවා හරි දාල සැන්විචස් හදලා අපිව ඉස්කෝලෙ යැවුව එක. 

ඒ කාලෙ ඉඳන්ම මම අකමැතියි පාන් වල වාටි කන්න. අර සුදු පාටට මෘදුව තියන කොටස ඕන තරම් තියෙද්දි  මොනවටද නිකම් මහන්සි වෙලා දුඹුරු පාට හයිය කෑලි කන්නෙ...!
ඒ නිසා හැමදාමත් ඒ පාන් වාටි ටික මම ආපහු කෑම පෙට්ටියෙම දාගෙන ආවා. 
මොනව වුණත්, එදා ඉඳන්ම දෙවියො දුන්නා වගේ මට පිහිටලා තියන අමතක වීමේ ලෙඩේ පිහිටෙන්, අම්මා ඉල්ලුවෙ නැත්නම්, කැම පෙට්ටිය අර පාන් වාටි එක්කම බෑග් එක ඇතුලෙ පල් වුණා. ඊටත් වඩා ලස්සනම වැඩේ වෙන්නෙ, කෑම පෙට්ටිය බෑග් එකටත් දාගන්න අමතක වෙලා, ඉස්කෝලෙ ඩෙස්ක් එක අස්සෙම දාල එන දවසට.

සති අන්තයක් නම් ඉවරයි,
සිකුරාදා හවස ඉඳන් සඳුදා උදේ වෙනකම්, ඩෙස්ක් එක ඇතුලෙ තියන සර්ව සම්පූර්ණ අඳුරු පරිසරයෙ, අර කලු පුස් ලස්සනට වර්ධනය වෙනවා. සඳුදා උදේ වෙඩ්ඩි, (මම ගොඩාක් වාසනාවන්ත නම් , නිවාඩු කාලයක් ඉවර වෙලා, අලුත් පාසල් වාරය පටන් ගනිද්දි ) අර කලු පුස් ටික, පාන් කෑලි වහගෙන, අලුත ඉපදුන කලු පාට පූස් පැටියෙක් ( පුස් නෙමේ... පූස්...) වගේ ලස්සනට ඉන්නවා දකින්න පුලුවන්.

ඔන්න ඔහොමයි , කලු පුස් පිළිබඳව වාර්තාමය අත්දැකීම් සමූහයකට මම හිමිකම් කිවුවෙ.


ඉතින් ඒ කලු පුස් සියල්ලටම උපහාරයක් වෙන්න, මේ ෆොටෝ ටික පල කරන්න හිතුණා ;-)

මේ ඡායාරූප වල තියන කලු පුස් ටික වගා කරගන්න නම්, මට සතියක් විතර පාන් කෑල්ලක් පෙට්ටියක දාලා වහල තියන්න වුණා. 
අපි 'කලු පුස්" කිවුවට ඒවා කලුම නෑ නේද......?

2 comments:

  1. ශා, ඒකත් නියමයි ඈ.

    ReplyDelete
  2. අපූරුයි, මේ ඡායාරූපවල විශාලනය ගැන සඳහනක් කලොත් හොඳයි නේද?

    ReplyDelete

Followers

Google+ Followers