Sunday, February 21, 2016

Tiny.... tinier.... tiniest

These are some close up shots of a wild flower I picked up, on my way from the ward to the quarters. I had never thought that this flower I see daily had this much of beauty hidden in her.

In the last photo there is a tiny creature who's peeping at me , through the petals. I noticed him only through the lens and was never able to find him with the naked eye.

There's so much of life in these photos ,to me.
Just love them.


Canon 1100D
18-55mm lens reversed







Canon 1100D
Tokina 100 + Reynox DCR 250
F = 2.8
ISO 100























මේ චායාරුප සියල්ලම එකම මලක චායා රූප. වාට්ටුවේ ඉඳන් කාමරේට එන ගමන් කඩාගෙන ආව මලක්. හැමදාමත් උදේ හවස දකින මේ මල, මේ තරම් ලස්සනක් හංගගෙන ඉන්නව කියල ඒ මලවත් දැනගෙන ඉන්න නැතුව ඇති.

අන්තිම චායාරූපෙ ඉන්නෙ පුංචි සතෙක්. කැමරාව හරහා මිසක් පියවි ඇසට නොපෙනෙන සතෙක්.....

Tuesday, February 9, 2016

Yellowish "black fungi"


Have you seen black fungi? I guess yes.
I have enough experiences of black fungi during my school time. 
Being a teacher, my mother didn't have much time to prepare our breakfast during week days. Therefore she often used to make us sandwiches for the interval meal, putting some paste inside. 

As a habbit I didn't eat the edges of the sandwich , mainly because I was lazy to munch it harder than the soft part. (Still I don't like the idea of eating the bread edges.) 
So, I used to bring the remnents of those home, in the luch box . 

I was an absend minded forgetful kid back then. Therefore ,on daily basis (obviously) , I forgot to empty the lunch box,  if my mother didn't ask for it.   
And the worst part was, some times I forgot the lunch box at school desk drawer. 
If that happened on Friday, the poor lunch box had to be in side the desk drawer for the whole weekend till somebody finds it on Monday. 
In the mean time, fungi spores that were floating in the class room would have fund a nice moist dark place to grow. 

So I think you can understand how I have got enough experience about black fungi. 

Therefore as a tribute to those "big black fungi days", I desided to post these photos. ;-)

These are some closeups of black fungi. To grow these,  I had to keep a bread in a closed container for a whole week. 
Although we call them " black fungi, they are not so black......"




























හැමෝම දැකලා ඇති පාන් වල හැදෙන කලු පුස්. නැති වෙන්න බෑ. ඒවා 
ඒ තරම් සුලභයි.
ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම මට කලු පුස් සම්බන්ධ සමීප අත් දැකීම් තියනවා.
අපේ අම්ම ගුරුවරියක් වුණ නිසාම, උදේ ආහාරයට එක එක දේ පිළියෙළ කරන්න වෙලාවක් තිබුණෙ නෑ ඇතැම් දවස් වලට. ඒ වගේ දවස් වලට අම්මා කළේ කඩෙන් පාන් ගෙනත්, ඒ මැද්දට මොනවා හරි දාල සැන්විචස් හදලා අපිව ඉස්කෝලෙ යැවුව එක. 

ඒ කාලෙ ඉඳන්ම මම අකමැතියි පාන් වල වාටි කන්න. අර සුදු පාටට මෘදුව තියන කොටස ඕන තරම් තියෙද්දි  මොනවටද නිකම් මහන්සි වෙලා දුඹුරු පාට හයිය කෑලි කන්නෙ...!
ඒ නිසා හැමදාමත් ඒ පාන් වාටි ටික මම ආපහු කෑම පෙට්ටියෙම දාගෙන ආවා. 
මොනව වුණත්, එදා ඉඳන්ම දෙවියො දුන්නා වගේ මට පිහිටලා තියන අමතක වීමේ ලෙඩේ පිහිටෙන්, අම්මා ඉල්ලුවෙ නැත්නම්, කැම පෙට්ටිය අර පාන් වාටි එක්කම බෑග් එක ඇතුලෙ පල් වුණා. ඊටත් වඩා ලස්සනම වැඩේ වෙන්නෙ, කෑම පෙට්ටිය බෑග් එකටත් දාගන්න අමතක වෙලා, ඉස්කෝලෙ ඩෙස්ක් එක අස්සෙම දාල එන දවසට.

සති අන්තයක් නම් ඉවරයි,
සිකුරාදා හවස ඉඳන් සඳුදා උදේ වෙනකම්, ඩෙස්ක් එක ඇතුලෙ තියන සර්ව සම්පූර්ණ අඳුරු පරිසරයෙ, අර කලු පුස් ලස්සනට වර්ධනය වෙනවා. සඳුදා උදේ වෙඩ්ඩි, (මම ගොඩාක් වාසනාවන්ත නම් , නිවාඩු කාලයක් ඉවර වෙලා, අලුත් පාසල් වාරය පටන් ගනිද්දි ) අර කලු පුස් ටික, පාන් කෑලි වහගෙන, අලුත ඉපදුන කලු පාට පූස් පැටියෙක් ( පුස් නෙමේ... පූස්...) වගේ ලස්සනට ඉන්නවා දකින්න පුලුවන්.

ඔන්න ඔහොමයි , කලු පුස් පිළිබඳව වාර්තාමය අත්දැකීම් සමූහයකට මම හිමිකම් කිවුවෙ.


ඉතින් ඒ කලු පුස් සියල්ලටම උපහාරයක් වෙන්න, මේ ෆොටෝ ටික පල කරන්න හිතුණා ;-)

මේ ඡායාරූප වල තියන කලු පුස් ටික වගා කරගන්න නම්, මට සතියක් විතර පාන් කෑල්ලක් පෙට්ටියක දාලා වහල තියන්න වුණා. 
අපි 'කලු පුස්" කිවුවට ඒවා කලුම නෑ නේද......?

Monday, February 8, 2016

TOUCH ME NOT !!

Nidikumba (Sleepy plant) is one of my favorite wild flowers.
It doesn’t have a charming fragrance, but its endearing appearance captivates my mind, especially when they are bloomed together. Especially in my childhood I used to play at nidikumba bushes watching them fall asleep even with a breeze. I have acquires hundreds of thorn pricks by doing, but I still love this flower.

With the macro lens, I could see this alluring flower in a different perspective.
Look closer and try to understand what it is made of.


LOOK CLOSE ENOUGH!





නිදිකුම්බා...... පුංචි කාලෙ ඉඳන්ම මම ආස කැලෑ මලක්. කිසිම සුවඳක් නැති වුනත්, ඒ ලස්සන ලා රෝස පාට මලට තියෙන්නෙ අසම සම ලස්සනක්. විශේෂයෙන්ම මල් ගොන්නක් එකට පිපිලා තියන වෙලාවට....

පුංචි කාලෙ මගෙ කාලෙ නිදි කුම්බා ගොල්ලෙ වැඩියෙන් ගත වුණේ , ඒවාට හිමින් අතින් තට්‍ටුවක් දාලා නිදියන හැටි බලන්න. 

හීනි හුළඟකට වුණත් නින්දට වැටෙන මේ, නිදි කුම්බා දිහා වෙනස්ම විදියකට බලන්න macro කාචය මාව යොමු කළා...

හොඳින් බලන්න........ !
තව ළං වෙලා බලන්න


Sunday, February 7, 2016

WELCOME POST

Here I am…. with another blog.  The whole idea behind this piece of work is, merely unleashing my obsession with macro and abstract photography.
Of course, I have lens twain, which I started with my friend Dynamic, to post my photos; but I decided to go for another blog only for macros.

In Sri Lanka, macro photography hasn’t been much popular. There were professional photographers who asked me” why macros? It won’t bring you anything”
That is true in their perspective, because macro photos have relatively a less popularity and an low economical value (unless you are very good at it)
Nevertheless, I’m not worried because I’m not going to earn anything out of my hobby, except happiness and satisfaction.

So, I believe I will enjoy this.

To begin with here are some photos.

They were some close ups of a flower. 

ඔන්න තවත් බ්ලොග් එකක් පටන් ගත්තා. මේ බ්ලොග් එකේ නම් එකම පරමාර්ථය තමයි macro and abstract photography ගැන මගෙ තියන "පිස්සුව" හොඳ කර ගැනීම.
මගෙ යාලුවා එක්ක පටන් ගත්ත Lens Twain එක තියනවා තමයි ෆොටෝස් වලට. ඒත් මේ බ්ලොග් එක macro වෙනුවෙන්ම හදන්න මම හිතුව.

ලංකාවෙ  macro photos ඒ තරම් ජනප්‍රිය අංගයක් නෙමේ. ඊට හේතුව ඒවා එතරම්ම ආර්ථික වටිනාකමක් නැති නිසා. ඇයි මැක්‍රො වලට මේ තරම් ආසා කියලා මගෙන් ඇහුව ඡායාරූප ශිල්පීනුත් හිටියා.

ඒත්, මගෙ විනෝදාංශයෙන් , සතුට ඇරෙන්නට කිසිවක් ඉපයීමේ පරමාර්ථයක් නැති නිසා, මේ පිළිබඳව මට තියෙන්නෙ ලොකු සතුටක් සහ උනන්දුවක්.

පළවෙනි පෝස්ට් එක විදියට , මලක ගත්තු ඡායාරූප කීපයක් පල කරන්නට හිතුණා.

අදහස් කියන්න. ඒක මට වටිනවා.






Followers

Google+ Followers